Uncategorized

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව හදිසි දුම්රිය වර්ජනයක් ආරම්භකර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු බාහිරින් පත් කිරීම, දුම්රිය මැදිරි අලුතින් නිර්මාණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම, අලුත්වැඩියාවන් දුම්රිය දෙපාර්තමේන්තුව තුළින් සිදුකිරීම, ඉන්දියාවෙන් ආනයනයකර තිබෙන දෝෂ සහිත දුම්රිය මැදිරි ගෙනඒම අත්හිටුවීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයගෙන තිබේ.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ ඉල්ලීම් ඉටුවන තුරු එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලායෑමට සූදානමින් සිටින ජනතාවගේ දුම්රිය ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම ගතයුතු බවද ඔහු පවසයි.

එම වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති 21ක් ඉදිරියේදී එක්වීමට සූදානමින් ඇති බවද ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

Related posts

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday

සහජීවනය හදන හැටි බුදු දහමින් ඉගෙන ගන්න… ලංකාවේ අපට විදෙස් මැදිහත්වීම් එපා – අගරදගුරුතුමා

colombotoday

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

Admin