Colombo Today Local News

රු 300 යේ එන්නත රු 15000 ට ගෙනල්ලා | මන්ත්‍රී මදුර විතානගේ පැමිණිලි කරයි

පසුගිය රජය කාලයේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවී ඇති මහාපරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ මධුර විතානගේ මහතා පෙරේදා (06) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සාමාන්‍ය වෙළෙඳපොළේ රුපියල් 300කට පමණ මිලකට තිබෙන ඖෂධ, එන්නත් රුපියල් 15000ක් 20000ක් වැනි අධික මිලකට රාජ්‍ය රෝහල් සඳහා ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය හා ඖෂධ නීතිගත සංස්ථාව එකතු වී පසුගිය රජය කාලයේ සිදු කළ මහා පරිමාණ වංචාවක් සොයා ගැනීමට හැකි වූ බවත් 1982 අංක 12 දරන රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ පනත යටතේ මෙම පැමිණිල්ල සිදු කළ බවත් මධුර විතානගේ මහතා පැවසීය. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට මධුර විතාන මහතා සමග චින්තක මායාදුන්නේ සහ ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද පැමිණ සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…

Related posts

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

උතුරේත් දකුණෙත් යුද අපරාධ සිදුවී තිබෙනවා – ජවිපෙ

colombotoday

මම ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තෙ නෑ – ගම්මන්පිල දිවුරයි

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

විදේශ ගමන් බලපත්‍ර 88ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට – සැකකරු පොලිස් භාරයෙන් මිදියාම අල්ලස ලබාදීමට උත්සහ කරලා

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday