Colombo Today Local News

කම්කරු ඇමැතිට නොතීසි

තේ සහ රබර් වතු කම්කරුවන්ට ගෙවිය යුතු දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් සහ විසින් ගොනු කල රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මැයි මස පස්වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද ( 05)දින කම්කරු අමාත්‍යවරයා,කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිණ.

එසේම එම පෙත්සම මැයි 05 වැනිදා විභාගයට ගැනීමටතීරණය කල අභියාචනාධිකරණය පෙත්සම සම්බන්ධ විරෝධතා අප්‍රේල් මස 27 වැනිදා සහ ප්‍රති විරෝධතා මැයි මස 04 ගොනු කරනලෙස දපෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වලට නියම කෙරිණා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් විසින් මෙම නියෝගය කරණ ලදී.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම නිසා වතු කර්මාන්තය අර්බුදයකට ලක් වන බව පවසමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් විස්සක් මෙහි පෙත්සම්කරුවන් වෙති.

Related posts

මාකදුරේ මධූෂ් හොරකම් කළ කෝටි 700 දියමන්තිය මෙන්න

colombotoday

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ගම්මන්පිලට තියෙන්නේ අඩු බර මොළයක් – මුජිබර් රහුමාන් කියයි

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday