Colombo Today Local News

ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රීලනිප 4ක්‌ ජනවාරියේ ආණ්ඩුවට !

ct2ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ජනවාරි මස මුලදී ආණ්ඩුවට එක්වීමට එකඟත්වය පළකර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පවිත්‍රා දේවි වන්නිආරච්චි මන්ත්‍රීවරිය හා ලක්ෂමන් සෙනවිරත්න, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් සමග දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් කල විමසිමකදී අදහස් දැක්වූ වාරිමාර්ග ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා කියා සිටියේ, ඉදිරි සති දෙක ඇතුළත යහපාලන ආණ්ඩුව සමඟ එක්‌වී ඇමැති ධුර ලබාගෙන රටට සේවය කිරීමට විපක්‍ෂ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනකු කැමැත්ත පළකර ඇති බවයි.

මෙම සිවුදෙනාට අමතරව තවත් දෙතුන් දෙනකු ආණ්ඩුව සමඟ එක්‌වීමට සාකච්ඡා කරගෙන යන බවද හෙතෙම කීය.

ලබන වසර මුල මෙම පිරිස ආණ්ඩුව සමඟ එක්‌වන බව තමාට විශ්වාස යෑයි ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

– Srilankanmirror

Related posts

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday

“සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නෑ. පක්ෂපාති මන්ත්‍රීවරුන් අමාරුවේ වැටෙනවා”

colombotoday

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday