Colombo Today Local News

නව පොලිස් ස්ථාන 190ක්

ශ්‍රී ලංකාව තුළ නව පොලිස් ස්ථාන 190ක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

මේ වන විට ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන 494ට අමතරව මෙම පොලිස් ස්ථාන 190 ස්ථාපිත කෙරෙනු ඇති.

මෙරට ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව අදියරක් ලෙස මේ පියවර ගත් බවද ඇමැතිවරයා කියා සිටි.

මහජන ආරක්ෂක ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මේ බව කියා සිටි අතර එහි පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලම් උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කරන බව සඳහන් වේ.

මේ ප්‍රදේශයේ භූමි ප්‍රදේශය අනුව ජනතාවට පොලිසියෙන් ඉටුවිය යුතු රාජකාරි කර ගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වෙන නිසා අතරමැද මේ වගේ පොලිස් ස්ථාන බිහිකිරිමේ අවශ්‍යතාවය මතු වූ බවත් එමෙන්ම මේ ප්‍රදේශවල වැලි පැටවීම ගස් කැපීම පස් කැපීම ගැන ජනතාව තමන්ව දැනුවත් කළ බවත් ඇමැතිවරයා කියා සිටි.

අපේ රටේ පරිසරය ආරක්ෂා කළ යුතු අතර පරිසරය ආරක්ෂා නොකළහොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැති බවත් පරිසරය විනාශ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඇමතිවරයා කියා සිටියේ.

රැකියා නොමැති වීම මත නීතිවිරෝධී කටයුතු කරන පුද්ගලයන් හට විකල්ප රැකියා ලබා දීමට බලාපොරොත්තු වන බවද කියා සිටි අමාත්‍යවරයා රැකියා ලැබෙන තුරු නීති විරෝධී පරිසර හානි කිරීම් සිදු නොකරන ලෙසත් දැනුම් දුන් වීරසේකර මහතා එවැනි ක්‍රියා සම්බන්ධයෙන් වහා මැදිහත් වීමට නව පොලිස් ස්ථාන පිහිටුවිමෙන් හැකි වන බවත් අවධාරණය කර සිටි යේය.

Related posts

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගන්න මේ අංකවලට අමතන්න

colombotoday

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

භටයන් 6500ක් සමග ඇමරිකානු 7වන බලඇණිය ත්‍රිතුණාමලය මුහුදේ… අවසන් ගිවිසුම අත්සන් කිරීමට විදේශ ඇමති ඇමරිකාවට… ගිවිසුම්ගත වූ සැනින් ලංකා භූමියට ගොඩ බැසීමට අවසර…

colombotoday

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin