Colombo Today Local News

කඹ ඇදීම, කොට්ට පොර හා සංගීත සංදර්ශනවලට අවසර නැහැ – අලුත් අවුරුද්දට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරයි

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවේ, අවුරුදු ක්‍රීඩාවලදී සමාජ දුරස්ථභාවය, අත්සේදීම හා මුව ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

කඹ ඇදීම, කොට්ට පොර ගැසීම හා සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර හිමි නොවන බව ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,128 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, නව ආසාදිතයින් 183 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගිනි.

කොරෝනා ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 89,701 කි.

ආසාදිතයින් 2,856 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති.

කොරෝනා ආසාදිතව පුද්ගලයින් 571 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

මහමැතිවරණයේදී සුළු ජාතික ඡන්දවලින් සජිත් අගමැති කිරීමේ මෙහෙයුම මෙන්න !

colombotoday

පුංචි ඡන්දයෙන් පසු නව ව්‍යවස්ථාවේ වැඩ ඉක්මන් කරනවා – සම්බන්ධන්

colombotoday

“මා දන්නා විග්නේෂ්වරන් ජාතිවාදියෙක් නොවේ..“ – මහින්ද

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin