දේශපාලන පළි ගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපති පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට, අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.
ඒ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා වෙනුවටයි.
පසුගිය ජනවාරි 29 වැනිදා ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කරනු ලැබුවේ, දේශපාලන පළි ගැනීම් පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ සොයා බලා ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීම සඳහායි.