Colombo Today Local News

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් හදිසි මරණ පරීක්ෂකවරයෙක් බඳවා ගනු. | අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් නියෝග

මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට නියෝගයක් ලැබී ඇති බවප්‍රාදේශීය ලේකම්වරයෙකු උපුටා දක්වමින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී වන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ඊට එරෙහිව කථා කිරීමට නිළධාරින් මැළි වන්නේ අමාත්‍යය අලි සබ්‍රි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පවතින කිට්ටු සම්බන්ධය නිසා බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ඒ ආකාරයට ජාතිවාදි පදනමින් රාජ්‍යය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ බවද වැඩිදුරටත් දක්වා ඇත.

Related posts

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday

අගමැති ගැන වෛද්‍ය මතය කියයි! ඇහුන්කම්දීමේ, නම්‍යශීලීභාවයේ, නායකත්ව ගුණාගංවල දෝෂ තියනවලු

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

ඉන්දීය ගිලන් රථ සේවය ගුණාත්මකභාවය ගැන සැකයි.. ප්‍රමිතිය බාලයි ! – රජයේ වෛද්‍ය නිලධාරී සංගමයි

colombotoday