Colombo Today Local News

ඉන්දීය අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ ආයුධ ගැන තොරතුරු හෙළිවෙයි.

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3,000කට ආසන්න බව එරට බලධාරීන් පවසයි.

හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අවි ආයුධ තොගයක් රැගත් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් කේරළ, විසින්ජම් මුහුදු තීරයේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකුද එහිදි අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින්ගේ භාරයට ගත්තේය.

කේරළයේ, විසින්ජම් මුහුදු තීරයේදී පසුගිය 25 වැනිදා මෙලෙස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින් සහ එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගුවනින් සහ මුහුදේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 03 ක් සිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව ඉන්දීය වෙරළාරක්ෂක භාරයට ගෙන ඇති ධිවර යාත්‍රා 03 හි ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු සිට ඇති බව වාර්තාවේ.

එහිදි ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන ‘‘රවිහංසි‘‘ නම් යාත්‍රාව සෝදිසි කිරීමකට ලක්කර ඇති අතර යාත්‍රාවේ සඟවා තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 300යි ග්‍රෑම් 323ක්, AK 47 වර්ගයේ ගිනි අවි 05ක් සහ මිලිමිටර් 09 ජිව පතුරොම් 1,000ක් සොයාගෙන තිබුණි.

හෙරොයින් තොගය ‘‘රවිහංසි‘‘ධීවර යාත්‍රාවේ ජල ටැංකිය තුළ පැකට් 310 කට අසුරා තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම හෙරොයින් පැකට් ඇසුරුම් මත පියාඹන අශ්වයකුගේ සලකුණු තබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මත්ද්‍රව්‍ය සඟවා තිබු ‘‘රවිහංසි‘‘ නම් ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද වාර්තා වේ.

මෙම හෙරොයින් තොගය ඉරානයේ සිට වෙනත් යාත්‍රාවකින් රැගෙනවිත් ශ්‍රී ලාංකික ධිවර යාත්‍රාව වෙත ලක්ෂද්වීප මුහුදු තීරයේදී ලබාදී ඇති බවට ඉන්දීය බලධාරින් සැක පළකරයි.

Related posts

2017 අයවැයෙන් සෑම පුරවැසියෙකුටම ආදායම් බදු.. ආදායම කීයක් වුවත් 5%ක් රජයට ගෙවන්න වෙයි

colombotoday

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday

ආණ්ඩුවේ මහාචාර්යලාට කම්මලේ ආචාර්ය දැනුමවත් නෑ

Admin

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

colombotoday

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday