Colombo Today Local News

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

කෘෂිකර්ම අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට හසුව ඇතැයි වාර්තාවේ.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ආපසු මොණරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

අධික වර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙන අතර සපත්තු පාලම මතින් වාහනය ගමන් කරද්දී එකවර ජල පහරකට හසුව තිබේ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා බේරාගෙන තිබෙන අතර අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් මෙහිදී හානි සිදුවී නොමැත.

Related posts

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

colombotoday

ලංකාවේ සුපිරිම ධනවතා මෙරටට ගෙනා ලොව සුපිරිම මෝටර් රථය මෙන්න

colombotoday

විදේසගතව සිට එන ලාංකිකයන්ට විදේශ අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය නෑ

colombotoday