Colombo Today Local News

කුරුඳු දුම්වැටිය පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.. දුම්වැටිය නිෂ්පාදනය පිටුපස දුම්කොළ කර්මාන්තයත් සිටි – වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි

කුරුඳු දුම්වැටිය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ අංක 37/1 වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසීය.

මෙම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය කිරීම පිටුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද ඔහු කීය.එසේම මෙම කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක කර ඇත්තේ මෙරට දුම් නොබොන සියයට අසූ හතරක් වන කාන්තාවන් සහ පාසල් ළමයින් බවද සභාපතිවරයා පැවසීය.

තවද මේ කුරුඳු දුම්වැටිය මගින් වක්‍රාකාරයෙන් දුම් පානය නොකරන අයට දුම්බීමට පෙලඹවීමක් සිදුකරන බවද සභාපතිවරයා කීවේය.

එසේම මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත්, එහි ප්‍රතිඵල අනුව මෙම කුරුඳු දුම්වැටිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කීවේය.

Related posts

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

නාමල් හිටපු නිවසක ගින්නක්

Admin

සේවයට වාර්තා නොකළ හමුදාවේ 9231 ක් අත්අඩංගුවට !

colombotoday

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

UN ජාත්‍යන්තර යුද අධිකරණ – රෝම සම්මුතියට අත්සන් කිරීම ශ්‍රී ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිල දී ගැනීමට අනුමැතිය

colombotoday