කල්පිටිය ප්රදේශයේ වේලක්කන්නි දේවමාතාවගේ පිළිරුව සහිත සුරුවමක් විනාශ කල පුද්ගලයකු ගම්මුන් විසින් පොලිසියට හසුකර දී තිබේ.
මුස්ලිම් ජාතික 26 හැවිරිදි පුද්ගලයකුවන ඔහු සුරුවම් කූඩුවේ වීදුරුවට පහරදී පසුව පිළිරුව පොළවේ ගසා පැන යන අවස්ථාවේ ගම්මුන් විසින් අල්ලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වනු ලබන අතර සැකකරු හෙට දක්වා රඳවා ගෙන ප්රශ්න කිරීමට අධිකරණය අනුමැතිය ලබාදී තිබේ.