Colombo Today Local News

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභවේ වාර්තාව සහ ආරක්ෂක කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද(12)දින රැස් වෙයි.

එහි සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද පස්වරු පස්වරු 2.30 ට රැස්විමට නියමිතය.

ලබන 15වැනිදාට හෝ ඊට පෙර සිය යෝජනා ජනාධිපතිවරයාට භාර දීම සඳහා අඛණ්ඩව ඉදිරි දින 3ක් රැස්වීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ඔහු සදහන් කළේ, අදාල වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය අනු කමිටුවේ අමාත්‍යවරුන් මේ වනවිට සිය යෝජනා සහ මතයන් ලබා දී ඇති බවයි.

සියලු අදහස් අධ්‍යනය කර අවසානයේ මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබඳව සිය කමිටුවේ මතය ජනාධිපතිවරයාට දැනුම් දෙන බව එහි ප්‍රකාශකයා සඳහන් කළේ ය.

Related posts

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

මිලියන 4 ක් රජයට පාඩු කල නිලධාරියාට එරෙහිව රවී අද උසාවියේ

colombotoday

රුසියානු එරොෆ්ලොට් ගුවන් යානය : වාණිජ මහාධිකරණයට නීතිපතිගෙන් මෝසමක්

colombotoday