World

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

ඉන්දුනීසියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ දුෂ්කර මාර්ගයකින් පහළට ඇදවැටී බස් රථයක් අනතුරට පත්ව ඇත.

පාසල් ළමුන් සහ මව්පියන් ඇතුළු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගී වී ආපසු පැමිණෙන අතරතුර එම සිදුවීමට මුහුණ පා තිබුණි.

ජාවා දූපතේ සුමෙඩන්ග් නගරය අසළ ප්‍රදේශයකදී අනතුර සිදුව ඇති අතර බලධාරීන් පවසන්නේ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවය.

අනතුරින් 39 දෙනෙකු දිවි ගලවා ගත් බව එරට ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

බ්‍රිතාන්‍යයේ යෝර්ක් ප්‍රදේශයට දරුණු ගංවතුර තත්වයක්

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin