Uncategorized

සෙල්ෆි ගහපු වරදට රන්ජන්ට සති දෙකක් අමුත්තන් හමුවීම තහනම්

බන්ධනාගාර ගතව සිටිය දී “සෙල්ෆි”ඡායාරූපයකට පෙනී සිටීමේ වරද භාර ගැනීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර තිබේ.

අද (11) දිනයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා සිය වරද පිළිගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා බන්ධනාගාර ආඥා පනතේ 78 වන වගන්තිය අනුව විනය ශාලාවට ඉදිරිපත් කළා. එහිදී චෝදනා පත්‍රයක් සමග ඉදිරිපත් කරා බන්ධනාගාර අධිකාරීතුමාට තමා විසින් කරන ලද වැරුද්දක් සම්බන්ධව.ඒ අනුව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටිම සම්බන්ධයෙන් වරද භාරගෙන තිබෙනවා. ඒ අනුව වරද භාරගැනීම නිසා සති දෙකක් අමුත්තන් බැලීම තහනම් කරලා තියෙනවා. ඒ අනුව අද දිනයේ අඟුණුකොළපැලැස්ස විනය ශාලාවට ඉදිරිපත් කිරීමෙන් එම දඬුවම ලබා දී තිබෙනවා. “

පසුගිය මාර්තු 08 වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා “සෙල්ෆි” ඡායාරූපයක් ලබාගෙන තිබේ.

පසුව එය හර්ෂණ රාජකාරුණා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

Related posts

බුදු පිළිම කැඩූ 7ක් මාවනැල්ලෙන් අත්අඩංගුවට

colombotoday

ඩොලරය රුපියල් 300 ආසන්නයට

colombotoday

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

අධි අන්තරායකාරි දියර අඩංගු කෑන් තොගයක් මාතලෙන් සොයා ගැනේ… ආහාරවලට කලවම් කිරීමට ගෙනා ඒවාද?

colombotoday

සෞඛ්‍ය පරිපූරක සමිති වැඩ වරයි! හෙට රෝහල් අර්බුදයක

Admin