Colombo Today Local News

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ පොලිස් සැරයන්වරයා ගමන්ගත් යතුරුපැදිය හමුදා ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හබරණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථය පැදවු හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකකරයි.

Related posts

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

සම්මානිත මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday

කුරුණෑගල DIG ට සහ ASP ට දුන් ස්ථාන මාරුව අවලංගු කෙරේ

colombotoday

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday