Colombo Today Local News

20 සම්මත කළ ආකාරයට එරෙහි පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවී ඇතැයි සදහන් කරමින් , ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නම්කර ඇති එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත වේ.

මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම මේ මස 12 වැනිදා සලකා බැලීමට නියමිතය.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

20 වන සංශෝධනය සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එමගින් අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි වීම, එක් පුද්ගලයෙකු වටා සියලු බලතල සංකේන්ද්‍රගත වී ඇති බවත් පෙත්සමින් පෙන්වා දෙයි.

ඒ අනුව ඊට එරෙහිව වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

Related posts

එජාපයෙන් නිර්දේශකර එවා ජනපති කපා දැමූ ඇමති ලයිස්තුව මෙන්න

colombotoday

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

නව විදේශ ඇමති චීනයෙන් ඔක්සිජන් ඉල්ලයි

colombotoday

ජනබලය ‌කොළඹට… විරෝධය පවත්වන ස්ථානය ගැන තීරණයක් තවම නෑ… පොලිසිය සීරුවෙන්…

colombotoday

වැඩි මිලට සහල් වික්කොත් දඩ

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin