Colombo Today Local News

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

ගුවන් සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතනවලින් රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් අය විය යුතුව පවතින බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අග්‍රාමාත්‍යවරයාට යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

“රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන 10ක් ගුවන් සේවා පහසුකම් ලබාගෙන තියෙනවා. ඒ සඳහා රු 9,061,406.70ක වියදමක් දරන්න සිදුවෙලා තියෙනවා. මේ මුදල් අයකර ගැනීමට ගුවන් හමුදාව ගත්ත පියවර රාශියක් තියෙනවා. විවිධ අපහසුතාවයන් හේතුවෙන් අදාළ හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බව ඇතැම් අමාත්‍යාංශවලින් මේ වන විට ගුවන් හමුදාවට දැනුවත් කරලා තියෙනවා.“

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නවවන සැසිවාරයේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසිනි.

Related posts

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දින දෙයි

Admin

මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග ආනයනයට පියවර..

Admin

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday