Colombo Today Local News

විමල් ට එරෙහිව බදියුදීන් CID යයි | මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ. පුළුවන්නම් චෝදනා ඔප්පු කරන්න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අද (10)දින අමාත්‍ය විමල් වීරවංශ මහතා ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

ඒ, රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඊයේ උත්සවයකදී පළකළ අදහසක් සම්බන්ධයෙනි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙසය.

“විමල් වීරවංශ ඇමතිවරයා, මම සහරාන්ව කවදාවත් හම්බවෙලා නෑ. මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ කියලා එදත් කිව්වා අදත් කියනවා. ඒක තමයි ඇත්ත. විමල් වීරවංශ මහතා ඊයේ කරපු ප්‍රකාශය අමුලික බොරුවක්. එතුමා දිගටම බොරු ප්‍රචාරය කරන්නේ එයාගේ දේශපාලන වාසියට. දැන් එයා හොඳටම වැටිලා ඉන්නේ. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කිව්ව එක ඔප්පු කරන්න. මම CID එකට පැමිණිල්ලක් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා වහාම පරීක්ෂණ පවත්වලා නීතිමය කටයුතු කරයි කියලා.”

Related posts

අලුත් විවස්ථාව සම්මත කරන්න සජිත් දිනවන්න – රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේ

Admin

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

කප්පම් ඉල්ලා පැහැරගත් කෝටිපතියා මරා දමලා.. මළ සිරුර මාවනැල්ලෙන් හමුවේ

colombotoday