Colombo Today Local News

සජිත් ගෙන ආ රංජන්ගේ නිවාඩු යෝජනාව කතානායක ප්‍රතික්ෂේප කරයි

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(10)දින පාර්ලිමේන්තුවට ගෙන ආ නිවාඩු යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට කැඳවීමට තමාට හැකියාවක් නැති බවත් ඔහු වෙනුවෙන් නිවාඩු යෝජනා බාරගත නොහැකි බවත් කථානායකවරයා දැනුම් දුන් අතර මේ පිළිබඳ උසාවි තීන්දුව නුදුරේදීම ලැබෙන බැවින් ඒ වනතෙක් සිටින ලෙසත් දැනුම් දුන්නේය.

මේ අතර අභියාචනායක් ඉදිරිපත් කර ඇප මත සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කැඳවූයේ ඔහු දඬුවමක් විඳින අයකු නොවන බවත් රිමාන්ඩ් බාරයේ සිටින්නකු වන නිසා බවත් පැහැදිලි කරදුන් කථානායකවරයා ‍ඒ පිළිබඳ කියමින් තමාට ‍චෝදනා නොකරන ලෙසත් දන්වා සිටියේය.

Related posts

ත්‍රීරෝද රථයක ගැටී තවත් හඳුන් දිවියෙකු මියයයි

colombotoday

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

‘‘වන්දවා ගත්තේ නෑ.. විදුහල්පති මට බලෙන්ම වැන්දා.. මං නඩු දානවා‘‘ – ඌව මහ ඇමති

colombotoday

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday