Colombo Today Local News

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහර දීලා

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ස්වයං නිරෝධායනයට ලක්කර ඇති සිසු සිසුවියන් සිව් දෙනෙකු රැගෙන යාමට පැමිණි ගිලන් රථයකට පහරදීමක් සිදුකර තිබේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (09) දින පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරිපස වීදුරුවට අදාළ පහරදීම සිදුකර ඇත. මේ නිසා රථයේ ඉදිරිපස වීදුරුවට අලාභහානි සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගිලන්රථයට පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර එම පුද්ගලයා යම් මානසික අබාධයකින් පෙලෙන පුද්ගලයකු ද යන්න සෙවීමට පරීක්ෂණ අරඹා ඇත.

හෙට (10) දින අධිකරණය වෙත එම පුද්ගලයා ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Related posts

අජිත් රෝහණ ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම කල්යයි

Admin

භූ ජලය සූරා ගන්නා ආයතන 500කට අධික ප්‍රමාණයක් ගැන අනාවරණයක්

colombotoday

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

colombotoday

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin