Colombo Today Local News

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ බෝම්බකරුවෙකුගේ බිරිඳ වන “සාරා” නැමැති කාන්තාව ඉන්දියාවේ සිටින බවට නිශ්චිත තොරතුරු පවතින්නේ නම් ඇය මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද (09)දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති අතර එහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සාරා නැමැති කාන්තාව ඉන්දියාවට පැනගිය බවට ඇත්තේ විශ්වාසයක් පමණක් බව ද පැවසු අමාත්‍යවරයා, ඒ පිළිබඳ මෙතෙක් කිසිදු නිල තහවුරු කිරීමක් සිදුව නොමැති බව ද පැවසීය.

වැඩිදුරටත් මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

“ඉන්දියාවේ ඇය සිටින බව තහවුරු වුණොත් අනිවාර්යයෙන්ම අපි ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා ඇයව ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදෙන්න විතරක් නෙමෙයි ඇය ශ්‍රී ලාංකිකයෙක් නිසාත් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් පිටමං කර ඇති නිසත් නැවත ශ්‍රී ලංකාවට භාරදෙන මෙන්. නමුත් ඇය ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධිව ඉන්දියාවට පැනගිය බවට විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. “

Related posts

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday

ආර්ථික විශේෂඥයෝ කියන අය රට භාරව හිටියත් යහපාලන කාලයේ රට හොඳටම වැටුණා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

colombotoday

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

colombotoday

ජනපති මහ බැංකු නිලධාරීන්ට දුන් පැය 24ක කාලයේදී සංචිත අනුපාත පහල දමයි.. වෙළදපලට සම්පූර්ණ වශයෙන් බිලියන150ක්

colombotoday

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin