Colombo Today Local News

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

විවිධ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන පුද්ගලයින්ට එරෙහිව සහ එවැනි ගැටළු වලින් පීඩාවට පත්වී සිටින කාන්තාවන්ගේ ගැටලු සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ශ්‍රී ලාංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගයීම සඳහා ඊයේ(07)දින කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ දී පැවති ‘අභිමන් ලිය’ වැඩසටහනයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.

සමාජයේ පිළිගත් සහ සමාජයට විවිධ මෙහෙවර කරන කාන්තාවන් හට සමාජ ජාල මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ මඩ ප්‍රහාර එල්ලවීම වර්තමානයේ ඉතාම සුලබ දර්ශනයක් වී ඇති බැවින් ඒ සඳහා ඉතාම වගකීමෙන් සහ ක්ෂණිකව තීරණ ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

colombotoday

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

colombotoday

ඔය රහත්වෙලා කියලා කියවන අයගෙ ඇඟට පොලඟෙක් දාලා බලන්නකෝ…. එතකොට රහත්ද කියලා බලාගන්න පුලුවන්…

colombotoday