Colombo Today Local News

Online අධ්‍යාපනයෙන් ළමයින්ට මානසික රෝග රැසක්… දරුවන් රෑ එළිවෙනකන් අසභ්‍ය වීඩියෝ පට බලන්න පෙළඹිලා

දුරස්ථ අධ්‍යාපනය වැරදි ලෙස භාවිත කර එයට ඇබ්බැහි වූ දරුවන් මානසික ගැටලුවලට ගොදුරු වන්නේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස රෝගයන්ට ගොදුරු වන්නාක් මෙන් යැයි ද එය ඉතා බරපතළ තත්ත්වයක් බව ද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මේ වන විට දරුවන් සිය ගණනක් තමා වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් මෙවැනි තත්ත්වන් අනෙකුත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට වාර්තා වී ඇති අතර මෙය දිනෙන් දින වැඩි වර්ධනය වන සමාජ ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දේ.

බලාගත් අත බලා සිටීම, නිතර උදරයේ ඇතිවන වේදනාව, හිසේ කැක්කුම, නිතරම මුත්‍ර පිටවීම හා මල පිටවීම වැනි ලක්ෂණයන් සහිත දරුවන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ළමා රෝහල වෙත පැමිණෙන බවත් මෙම දරුවන් පරීක්ෂා කිරීමේදී කිසිදු රෝගයක් නොමැති බව හෙළිවන්නේ යැයිද මෙය කිසියම් මානසික ගැටලුවක ලක්ෂණයක් බවත් වෛද්‍ය දීපාල් සඳහන් කරයි.

පාසල් නොමැතිව දිගුකාලයක් නිවෙස් තුළ සිටීම හා දුරස්ථ අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනයට යොමු වීම හේතුවෙන් දරුවන් ක්‍රමයෙන් මේ වන විට ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇතැයිද ඔවුන් එයින් ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද දෙමාපියන් සඳහන් කරන බව විශේෂඥවරයා පැවසුවේය.

මෙහිදී ඉතා භයානක තත්ත්වය වන්නේ ඇතැම් දරුවන් දෙමාපියන් නින්දට ගිය පසුව හා දෙමාපියන් නිවසේ නැති අතර අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදු වී සිටීමත් මින් සමහර දරුවන් එළිවෙනතුරු එවැනි අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට පෙළඹී ඇති බවත් කරන ලද සොයා බැලීම්වලදී හෙළිව ඇතැයි ඔහු සඳහන් කළේය.

Related posts

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

Admin

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

ආර්ථිකය වැටුණු නිසා මහින්ද බලය දමා පැන ගියා.. අපි ඇවිත් ආර්ථිකය හැදුවා – අගමැති කියයි

colombotoday

මුහුදුදෙන් ගෙන ආ මත්පෙති තොගයක් අල්ලයි

Admin