World

ස්විට්සර්ලන්තයේ බුර්කා තහනම ජනමත විචාරණයෙන් තීන්දු වෙන ලකුණු.

ස්විට්සර්ලන්තය ප්‍රසිද්ධියේ බුර්කාව ඇතුළු මුස්ලිම් කාන්තාවන් විසින් පැළඳ සිටින පූර්ණ ශරීර ආවරණ සහ වෙනත් සම්පූර්ණ මුහුණු ආවරණ තහනම් කිරීම සඳහා පවත්වන ලද ජනමත විචාරණය මේ වනවිට අවසන්ව තිබෙනවා.

ඉරිදා සවස අවසන් ගණන් බැලීම්වලට අනුව ඡන්දදායකයින්ගෙන් සියයට 51.21 ක් තහනමට පක්ෂව සිටියහ.
ඡන්දය සඳහා ස්විට්සර්ලන්තයේ ජනගහනයෙන් අඩක් පමණ සහභාගී වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 51.4 කි.

මෙහි ප්‍රතිපලය ලෙස බුර්කා තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු අතර අවන්හල්, සාප්පු සහ ප්‍රසිද්ධ ස්ථානවලට තහනම අදාළ වේ.

ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ ප්‍රංශය යන රටවල ද එවැනිම තහනම් කිරීම් මේ වන විටත් පවතී.

2018 වන විට ස්විට්සර්ලන්ත ජනගහනයෙන් සියයට 5.3 ක් පමණක් මුස්ලිම් ජාතිකයන් බවට ගණන් බලා තිබේ.

එවැනි තහනම් පුද්ගලයෙකුගේ ආගමේ හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය නොකරන බව යුරෝපීය මානව හිමිකම් අධිකරණය 2014 දී තීන්දු කළේය.

Related posts

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday

ඔස්ට්‍රියාවේ ඉස්ලාමික කාන්තා ඇදුම් තහනම් කෙරේ

colombotoday

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

චීනයේ ඔත්තු බලන නෞකාවක් ගැන ඕස්ට්‍රේලියාවේ අවධානය

colombotoday