Colombo Today Local News

සංශෝධිත යෝජනාව අද මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය/සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (8)දින ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය/සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝනාවක් ඉදිරිපත් කළ අතර එහි සංශෝධිත යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව පසුගිය මස (24) වැනිදා එම කවුන්සිලයට ඉදිරිපත් කළාය.

විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය මස 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ඇමතූ අතර මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශයෙන් පසු 24 වැනිදා ඊට පිළිතුරු ද ඉදිරිපත් කළේය.

මෙම සංශෝධිත යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු නොනිල වශයෙන් ඒ සම්බන්ධයෙන් සංවාද සහ විවාද පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදය පසුගිය මස 25 වැනිදා ආරම්භ වූ අතර එම සංවාදයේදී රටවල් රැසක් ශ්‍රී ලංකාවට සහාය පළ කිරීම විශේෂයක් විය.

එහිදි රටවල් 38 ක නියෝජිතයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදි රටවල් 21 ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂපාතී ස්ථාවරයක් අනුගමනය කළේය. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද බලය ඇත්තේ රටවල් දහයකට පමණි.

චීනය, පාකිස්තානය, ඉරානය, සිරියාව, රුසියාව යනාදී රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පක්ෂපාතීව අදහස් දැක්වූහ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂව අදහස් දැක්වූ රටවල් අතර කිසිදු බටහිර රටක් නොසිටීම ද විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවට අදාළ ඡන්ද විමසීම ලබන සතියේදී පැවැත්වෙනු ඇති අතර එහිදි ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටිනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ද ඉන්දු සහ ජපාන නියෝජිතයෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කළහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කරන වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට මූලික කණ්ඩායම අදහස් කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාසයේ දී සඳහන් කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ, මලාවි සහ එක්සත් රාජධානිය වෙනුවෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දී ඉකුත් දා (22) ආරම්භ වූ සැසිවාරය ලබන මස 23 වැනිදායින් අවසන් වේ. ‘කොවිඩ්-19’ වසංගත හේතුවෙන් මෙවර සැසිවාරය අන්තර්ජාලය සහ විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් ඒ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

Related posts

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

ජනපතිගේ අවධානය ගැනීමට නම් තනපටයක් එල්ලා තබන්නැයි සිරගත රණවිරුවන්ට මධුමාධවගෙන් උපදෙස්

colombotoday

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

colombotoday

රනිල් මාධ්‍යට තර්ජනය කළේ නෑ… මාධ්‍ය නිදහස දැන් උපරිමයි – චම්පික

colombotoday

ප්‍රමාද කරලා වැඩක් නෑ: ජනපති අපේක්ෂකයා නම් කරන්න. විමල් මහින්දගෙන් ඉල්ලන්න යයි

colombotoday