Colombo Today Local News

ගුරුවරයෙකුට කඩු ප්‍රහාරයක්

කඩු රැගෙන පැමිණි පිරිසක් යාපනයේ පාසල් ගුරුවරයෙකුට පහර දී කඩු වලින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ (04)දින රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී මෙම සිදුවීම එදින රාත්‍රී 9.30 ට පමණ සිදුව ඇති බවයි පොලිසිය සදහන් කර සිටියේ.

යතුරු පැදිවලින් පැමිණි පස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ගුරුවරයාට පහර දී පසුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර ගුරුවරයාට එසේ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ යාපනයේ පාසලක සේවයකරන ගුරුවරයෙකි.

යාපනයේ තෙලිප්පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

යතුරුපැදි සොරකම් කළ 78 යතුරුපැදි 17ක්

විවිධ ප්‍රදේශවලදී යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකුව අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔහු විසින් සොරකම් කරන ලද යතුරුපැදි 17ක් ද එහිදී සොයාගෙන තිබේ.

දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් යතුරුපැදි ගණනාවක් අදාළ සැකකරු විසින් සොරකම් කර විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට අලෙවි කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ මෙම සැකකරුගෙන් යතුරුපැදි මිලදී ගත් පුද්ගලයින්ට එරෙහිවද ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවය.

Related posts

අනුර කුමාර නිල සංචාරයකට ඉන්දියාවට

Admin

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම යුද හමුදාව අත්හිටුවයි

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday