Colombo Today Local News

කොවිඩ් දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඉරණතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යෑමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාව නිකුත්කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරඇති මෙම මාර්ගෝපදේශ මාලාවේ පිටපත් පාර්ශ්ව 16ක් වෙත යොමුකර ඇති බව සඳහන් වේ.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යෑමෙන් පසු එම මරණය භූමදානය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ ඥතීන් විසින් නොපමාව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කළ යුතු වේ.

මියගිය පුද්ගලයාගේ දේහය හඳුනාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරණතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය පූර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකෙරෙනු ලබයි.

ඒ අනුව සෑම දිනකම පෙරවරු 5.30ට ඉරණතිව් දුපත බලා කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහයන් රැගෙන යෑමට නියමිතය.

එමෙන්ම මළසිරුර භූමදානය කිරීමේදී හෝ දේහය පෙට්ටියේ තැන්පත් කිරීමේදී ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

දේහය පෙට්ටියක තැන්පත් කළයුතු වන අතර කිසිදු හේතුවක් මත එය විවෘත කිරීමට අවසර හිමි නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

colombotoday

නාත්තන්ඩිය,අකුරණ,බේරුවල රෝගීන් වගකීමෙන් වැඩ කලානම් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරනවා

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday

බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීම, විවස්ථාවෙන් ඉවත් කරන්න කැමති අපේක්ෂකයාට සහය දෙනවා – එම්.කේ සිවාජිලිංගම්

colombotoday