Colombo Today Local News

හදිසි විදුලිය මිලදී ගැනීමකට කොමිෂන් සභාවේ අවසරය

පවතින තත්ත්වය හමුවේ හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසම පෙන්වාදෙන්නේ, වියළි කාලගුණික තත්ත්වයක් පැවතියද මේ දක්වාත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවය.

දැනට දිවයින පුරා වියළි කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වී ඇති අතර මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සදහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“වර්තමානයේ ඉතා උණුසුම් කතාබහක් ඇති වෙලා තියෙනවා විදුලි කප්පාදුවක් ඉදිරියේ දී ඇති වෙයි ද කියලා. කොමිෂන් සභාව වශයෙන් මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් ඉන්නවා. ඒ වගේ හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් අතිරේක විදුලිය ලබාගැනීම සඳහා අපි දැනටමත් කොමිෂන් සභාවේ අවසරය ලබාදීමට කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ නෑ දැනට තියෙන තත්ත්වය අනුව නුදුරු අනාගතයේ දී විදුලි කප්පාදුවක් එයි කියලා.”

Related posts

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

colombotoday

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි – කථානායක මැතිවරණ කොමිසමට දන්වයි

colombotoday

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි

colombotoday

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

සීමානීර්ණය මුවාවෙන් ආණ්ඩුව මැතිවරණය මගහරිනවා.. පැෆරල් කෝ.. කැෆේ කෝ.. කෝ මැකෝ

colombotoday