Colombo Today Local News

ඥානසාර හිමියන්ගේ දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකියි.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් නැමැත්තා 2016 වසරේදී සිදුකල වෛරී ප්‍රකාශයක් පිලිබඳ විස්තරයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සිංහල පිටපතේ පිටු අංක 88 හී මෙලෙස සටහන්ව ඇත.

සහරාන් විසින් 2016 නොවැම්බර් 20 වන දින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරකම් සහ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගැනීම පිළිබඳව දේශනයක් පවත්වන ලදි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාවන් ඉස්ලාමීය රාජ්‍යයක සිදුවුවෙනම් ඊට දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකි බව ඔහු තවදුරටත් කියා සිටියේය. ඔහු කියා සිටියේ මුස්ලිම්වරුන් වෙනුවෙන් කතා කරමින් සිටියදී අබ්දුල් රාසික් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

මන්දකට හසුවී තවත් දිවියෙකු අවසන් ගමන් යයි

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

colombotoday

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday

ලෝක කාන්තා දින ජාතික උත්සවය ඇමති සාගලගේ ප්‍රධානත්වයෙන්

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday