Colombo Today Local News

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

බණ්ඩාරගම අටුළුගම අලොතියාව ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන නිවසක් අද (1)දින අලුයම සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය කුඩුකර විදේශ ගත කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙම නිවසේ පවත්වාගෙන යන බවත් ගින්න ඇති වන අවස්ථාවේ දී එහි කිසිවකු සිට නොමැති බවත් පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ක්ෂණිකවම ස්ථානයට පැමිණ හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකක නිලධාරීන් කැඳවා ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක් ගත් අතර ගින්න ඊට වඩා වැඩි වේගයකින් සම්පූර්ණයෙන්ම නිවස පුරාම පැතිර ගිය බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

විදුලිබල මණ්ඩලයේ සේවකයන් ද කැඳවා ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැති අතර ගින්න ඇති වීමට හේතුව හෝ සිදු වූ අලාභය මෙතෙක් අනාවරණය වී නැත.

Related posts

සතොසටත් සුරා බලපත්

colombotoday

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin

ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්

colombotoday

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් !

colombotoday

දිවුලපිටිය ආසාදිතයන් 506ක් අතුරුදහන්.. බොරු ලිපින දී සැගවිලා.. රටම දැඩි අවදානමක

colombotoday

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday