World

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව පෙන්ටගනය පවසයි.

මෙම ප්‍රහාරයෙන් ඉරාන පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් ගණනාවක් විසින් භාවිතා කරන ලද දේශසීමා පාලන ස්ථානයක පිහිටි බහු පහසුකම් විනාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර තිබේ.

එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පිහිටා ඇති හරිත කලාපය ඇතුළුව බැග්ඩෑඩ් හි එක්සත් ජනපද කඳවුරුවලට ද රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday

අමෙරිකාව උතුරු කොරියාවෙන් ගේම ඉල්ලයි – බී52 ප්‍රහාරක යාන කොරියාවට උඩින් යවයි [Video]

colombotoday

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවලට රුසියානු ගුවන් සීමාව තහනම් කරමින් රුසියාවෙන් නියෝගයක්.

colombotoday

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday