Colombo Today ඊයේ (25) දහවල් හෙලිකල පරිදි කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර ලබා දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවේ රැස්වීමක් ඊයේ දහවල් කැඳවා තිබුණු අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ජල භූ විද්‍යා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මෙම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත. විද්‍යාත්මක කරුණු මත තමන් ඉදිරිපත් කල මතය දේශපාලනික හේතුන් මත වෙනස් කිරීමට නොහැකි බව ඇය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.
අදාළ ගැසට් පත්‍රය…