World

අපේ යුද ශක්තියෙන් තවම පෙන්නුවේ ටිකයි – පූටීන්

putinසිරියාව තුළ සිදුකරන හමුදාමය ක්‍රියාදාමයේදී සිය උපරිම ශක්ති ප්‍රමාණය තවම නොයෙදූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.

ජනධිපතිවරයා පවසන්නේ මීටත් වඩා එහාගිය සටනකට රුසියාව සූදානම් බවයි. අවශ්‍ය වුවහොත් ඒ සඳහා පසුබට නොවන බවද පූටින් අවධාරණය කරයි.

රට තුළ පවතින සිවිල් ගැටුම් මෙන්ම IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව ඇති සිරියාව වෙත සාමය කැඳවාගෙන ඒමේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසිවාරයට දිනකට පසුව අදහස් දක්වමින් පූටින් මෙසේ පවසා තිබේ.

සිරියානු සිවිල් යුද්ධය මේ වනවිට 5 වැනි වසරටත් පා තබා ඇති අතර, එහිදී මියගිය පිරිස 250,000කට වැඩිය. එමෙන්ම, මේ හේතුවෙන් අවතැන් වූවන් මිලියන ගණනකි.

Related posts

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

Admin

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

2035 වෙද්දී පෙට්‍රල් වාහන විකිණීම තහනම්

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday