Colombo Today Local News

ශ්‍රීනිප යට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ. ජී. උපාලි චන්ද්‍රසේන මහතා වෙනුවට වෙනත් අයෙකු අදාළ ‍ප්‍රාදේශීය සභාව සඳහා නම්කිරීම තාවකාලිකව වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග නිකුත් කළේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූ සම්මන්ත්‍රණ දෙකකට සහභාගීවීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

උපාලි චන්ද්‍රසේන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාල පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ සභාපති සංජය ගමගේ යන මහත්වරු වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

එම වාරණ නියෝගය මාර්තු මස 10 වනදා තෙක් බල පැවැත්වෙයි.

Related posts

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර මිනී වළක් මත ගිනි තියලා

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin

ඩෝසර් කර විනාශ කළ සාම්පූර් දැගැබ නැවත ගොඩනගනවා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday