Colombo Today Local News

පාස්කු නිර්දේශ: සහරාන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වෙලා නෑ. එනිසා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරන්න. නොකලොත් දඩ ගහන්න.

ඉස්ලාමිය අන්තවාදීන් හඳුනා ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීමට සහ ඡන්දය ප්‍රකාශ නොකලොත් දඩයකට යටත් විය යුතුයැයි පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ මැතිවරණ ක්‍රමය යටතේ මෙම නිර්දේශය ඇතුලත් කර ඇත.

සෑම ඡන්ද දායකයෙකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වීම දඩයකට යටත් විය යුතුය. ඡන්ද දායකයෙකුට ඔහුගේ හෝ ඇයගේ ඡන්දය අවලංගු කිරීමට ඇති අයිතිය ඇතුලත් කිරීම සඳහා ඡන්ද බලය භාවිතා කල යුතුය. සහරාන් කණ්ඩායමේ සාමාජිකයින් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී නොවූ බවටත් පවුලේ සාමාජිකයින්ට එසේ කිරීම වලක්වා ඇති බවටත් සාක්ෂි ඉදිරිපත් වූ බැවින් මෙම නිර්දේශය ඉදිරිපත් කෙරේ. එවැනි විධිවිධාන අනුගමනය කිරීම ඉස්ලාමිය අන්තවාදීන් හඳුනා ගැනීමට උපකාරී වේ.

Related posts

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

Admin

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට ඇමතුම් 62ක් අරන්.. දුරකථන වාර්තාව බැදුම්කර කොමිසමට

colombotoday