Colombo Today Local News

පාස්කු කොමිෂන් වාර්තාව විකුර්ති කළා යැයි සැක දෙදෙනෙක් ගැන ඥානසාර හිමි කියති.

අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකුර්තියක් කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.

අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුනුන දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බව පැවසීය.

කොමිසමේ වාර්තාව විකුර්ති කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.

පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ සාක්ෂි ලබා දෙමින් සිටියදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකුර්ති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසීය. එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකුර්තියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය.

Related posts

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

උතුරු – නැගෙනහිර ඉඩම් 2019ට පෙර නිදහස් කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday