Colombo Today Local News

පොතුවිල් විරෝධතා පාගමනට එක වූ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනට එක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රාසමානිකක්ම් සානක්‍යයන්, තවරසා කලෙයිඅරසන්, සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු දේශපාලන නියෝජීතයින් රැසකගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් අද (22)දින කොළඹදි ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් යාපනය, වව්නියාව, මඩකළපුව යන ඔවුනොවුන්ගේ කාර්යාල හා නිවාස වලට ගොස් පොලසිය ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇත.

යාපනය මහනගර සභාවේ නගරාධිපති වී. මනිවන්නන්, නීතිඥ කේ .සුභාෂ්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. සිවාජීලිංගම්, යන මහත්වරුන් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමන අධිකරණ නියෝග නොතකමින් සහභාගී වූ බවට දැනටමත් බී වාර්තා ගොනු කර තිබේ.

තවද එම විරෝධතා පාගමනට අධිකරණ නියෝග නොතකමින් සහභාගි වුණේ යැයි පවසමින් පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, සෙල්වම් අඩෙක්කලනාදන් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් යන මහත්වරුන්ගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මෙම පාගමනට සහභාගිවීම සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සියලු නීතී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පමණක් බවත් කොළඹ ඕනෑ තරම් විරෝධතා පැවැත්වෙන බවත් ඒ කිසිවක් මෙම නීතී අදාළ නොවන්නේ මන්ද යන්න තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටන බවත්ය. එක රටක් එක නීතීයක් යනු මෙයදැයිද මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

Related posts

ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා – මහින්දගෙන් පොරොන්දුවක්

colombotoday

“දේශීයත්වය අමතක කරල, පිටරටවල් පස්සෙ යනවා” – ඉන්දීය මහාචාර්යවරයෙක් අපි ගැන කියන කතාව මෙන්න

colombotoday

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

Admin

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු ! අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබේ

colombotoday