World

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

ඉන්දියාව තුළින් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද 240ක් පමණ හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදී තිබේ.

මේ හේතුවෙන් එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ඉන්දීය වෛද්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රන්දීප් ගුලේරියා පවසයි.

එමෙන්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය වේගවත් සම්ප්‍රේෂණයක් සහිත භයානක වෛරසයක් විය හැකි බව ඔහු සඳහන් කර තිබේ.

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මඟින් වෛරස සම්ප්‍රේෂණයේ වේගවත් බව අවම කිරීමට හැකි වනු ඇති බව ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා පෙන්වාදෙයි.

එමෙන්ම කොවිඩ් -19 මර්දන එන්නත ලබාගත් යම් පුද්ගලයෙකුට නව වෛරස ප්‍රභේද ආසාදනය වුවහොත් එහිදී මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර වසංගතය පාලනයට එන්නත් ලබාගැනීම අත්‍යාවශ්‍ය බව ද ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය රන්දීප් ගුලේරියා වැඩිදුරටත් පෙන්වාදෙයි.

Related posts

ලෝක කුසලානය අහිමි වීම දරාගන්න බැරිව ඉන්දීය තරුණයෙක් මැරිලා

Admin

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවලට රුසියානු ගුවන් සීමාව තහනම් කරමින් රුසියාවෙන් නියෝගයක්.

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

colombotoday

ජෝ බයිඩන් ඊශ්‍රායලයට යයි

Admin