Colombo Today Local News

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

ලංකා සීනි සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ උක් ඇඹරීම් මංගල්‍ය පසුගියදා ආරම්භ වුණා.

එහිදී එම උත්සවයට සහභාගී වූ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා‌ හට ආසනයක් පනවා නොතිබීම හේතුවෙන් වේදිකාව මතදී ඉතාමත් සංවේදී මෙන්ම ආවේගශීලී කතාවක් සිදු කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ සීනි කර්මාන්ත ශාලාවේ තමන්ද සභාපති වී සිටි බවත් මේ වන විට ඒවා අමතක කර ඇති බවත්ය.

තමන්ට අසුන් ගැනීමට පවා මෙම උත්සවයේ ආසනයක් වෙන් කර නොමැති අතර අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ ආසනය තමන්ට ලබා දුන් බවද පැවසූ මන්ත්‍රීවරයාගේ කතාවෙන් අනතුරුව නිවේදක මහතාට ලැබුනු දැනුම්දීමක් අනුව මන්ත්‍රීවරයා නොපැමිනෙන බව දැන්වූ බැවින් එම ආසනය වෙනත් අයෙකුට ලබා දුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ මන්ත්‍රීවරයා උස් හඩින් ප්‍රශ්න කර ඇත.

එහිදී එම අසුන් පෙලේ සිටි රමේ පතිරණ කැබිනට් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා ජගත් පුෂ්පකුමාර මහතා ට අතින් සඥා කර ඔහු නිෂ්ශබ්ද කර ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේදීම පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මේජර් වජිර කුමාර සංවිධායකයන් කැදවා මේ පිළිබදව සොයා බලන ලදී. මන්ත්‍රීවරයාට ආසනය පැන වීම සම්බන්ධයෙන් ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතාද නිළධාරීන්ගෙන් විමසා තිබේ.

ඒ අනුව ජගත් පුෂ්පකුමාර මහතාගේ ආසනය අසලට ගොස් ලංකා සීනි සමාගමේ සභාපති වරයා කියා සිටියේ, ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් උක් ඇබරීමේ මංගල්‍යයට මන්ත්‍රීවරයා සහභාගී නොවනවන බවට ලැබුනු දැනුම්දීමක් මත මන්ත්‍රීවරයාගේ නම සදහන් ආසනයේ ඒ නම උඩින් වෙනත් ආරාධිත අමුත්තකුගේ නම සදහන් කර වෙනත් අයෙකුට එම ආසනය ලබාදුන් බවයි.

ඒ බව ලංකා සීනි සමාගමේ සභාපති වරයා එම ආසනයේ යටින් තිබුනු නම කොළය ගලවා ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයාට පෙන්වීමද විශේෂත්වයක්‍.

Related posts

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

colombotoday

හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Admin

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday