Colombo Today Local News

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

තලංගම, පැලවත්ත ප්‍රදේශයේදී ගංජා ද්‍රාවණයක් ලෙස සකස් කර තිබූ බෝතල් 6ක් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සොයා ගත් බෝතල් 6 හි වටිනාකම රුපියල් මිලියන දෙකයි දශම පහක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

එමෙන්ම මෙහි ග්‍රෑම් 609ක ප්‍රමාණයක් ගංජා ද්‍රාවණයක් ලෙස සකසා තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ , ‘හෑෂ් ඔයිල්’ යන නාමයෙන් මෙම බෝතල් විකුණන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි.

මේ අතර හෙරොයින්, ගංජා, හෂීස් වැනි මත්ද්‍රව්‍යවලට අමතරව අයිස් වැනි කෘතීම ද්‍රව්‍ය ද සමාජයේ පවතින බවත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව 119 , 118 හා 1997 යන දුරකතන අංකවල‌ට මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

Related posts

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

ලෝක ආර්ථික සමුළුව අද ඩාවෝස් නුවරදී

Admin

‘අලුත් පරපුරට’ තඩි බෑ කමල් ඉන්දිකට ජනපතිගෙන් තෑගි.. සාලින්ද නෙරපා හිරියාල සංවිධායකකම දෙයි

colombotoday

නාත් අමරකෝන් මහතා දිවි සැරිය නිම කරයි.. පක්ෂයේ අයිතිය ගැන මැ.කො. සභාපතිට ලිපියක් !

colombotoday

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday

කවුරු විරුද්ධවුණත් මට කැබිනට් ඇමතිකමක් ලැබෙනවා, ඒක ස්ථීරයි – රංගේ

colombotoday