Colombo Today Local News

කාදිනල් තුමන් මුණගැසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

රජයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් මුණගැසීමට තීරණය කර තිබේ.

ලබන මාර්තු මස දෙවන දින අදාළ හමුව සිදුවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදි මන්ත්‍රීවරුන් විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“නීතිපතිතුමා විසින් එයාගේ උපදෙස් ලබාදෙයි. අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු විනිසුරුවන් ඒකට මණ්ඩලයක් පත්කරලා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුව අහලා වැරදි කරන අයට දඬුවම් ලබාදෙයි. චූදිතයින් කවදාවත් කියන්නේ නෑ මේ දුන්නේ අසාධාරණ නඩුතීන්දුවක් කියලා. එසේ කිව නොහැකි ලෙස සාධාරණය ඉටුකරනවා. කාදිනල්තුමාව අපි මුණගැසීමට බලාපොරොත්තු වෙනවා සියලු කතෝලික මන්ත්‍රීවරු මාර්තු මාසයේ 2 වෙනිදා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සියලුදෙනා. අපි කාදිනල්තුමාගෙන් ඉල්ලන්නේ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තබාගන්න. කිසිදු අවස්ථාවක අගතියට පත් කතෝලික පිරිස වෙනුවෙන් වරදක් වෙන්න දෙන්නේ නෑ.

Related posts

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

සූර් වී ආ සහෝදරයා සහෝදරියට පිහියෙන් ඇනලා

Admin

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin

දඬුගම දී හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග අයෙක් කොටු

colombotoday

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

colombotoday

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

colombotoday