Colombo Today Local News

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ රටවල් දැනුම් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පදනම් කර ගනිමින් එම නව යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම රටවල් පෙන්වාදෙයි.

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටෙනිග්‍රෝ සහ මලාවි යන රටවල් ඒකාබද්ධව එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වන සාමය නතු කර ගැනීම සඳහා අඛණ්ඩව කැප වී සිටින බව අදාළ රටවල් පවසයි.

යටිතල පහසුකම් නැවත ගොඩනැගීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් නැවත ලබාදීම සහ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය අතිශයින් අගය කරන බවත්, රට තුළ තිරසාර සාමයක් ගොඩනැගීමට සහ යුද්ධයෙන් සිදුවූ හානි සඳහා තව බොහෝ දේ සිදුකළ යුතු බවත් අදාළ රටවල් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සළකා බැලීම වැදගත් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අදාළ රටවල් 5 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට එවකට සිටි රජය සිය සත්කාරකත්වය ලබාදුන්නද වත්මන් රජය පසුගිය වසරේදී ඉන් ඉවත්විය.

Related posts

පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒමෙන් ICCයෙන් තහනමක් පැනවූවොත් වගකීම 225 දෙනා භාරගත යුතුයි

Admin

හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන ඇමතිලා මෙන්න.. විජයකලාත් හෙලිකොප්ටරයෙන්..

colombotoday

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday

අධිවේගයේ යකඩ බට කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday