මියන්මාරයේ විරෝධතා අතර වෙඩි පහරක් තම හිසට වැදී තුවාල ලබා රෝහල්ගතව සිටි තරුණිය මියගොස් තිබේ.
ඒ අනුව මියන්මාරයේ ස්ථාපිත කර ඇති හමුදා පාලනයට එරෙහිව පැවති විරෝධතා අතර මියගිය පළමු විරෝධතාකරු වන්නේ ඇය බව විදෙස් මාධ්‍ය පවසයි.
විරෝධතාකරුවන් පිරිසක් විසිරුවා හැරීමට පොලීසිය ගත් උත්සාහයක දී “මා ත්වේ ත්වේ කායින්” නම් එම තරුණියගේ හිසට වෙඩි පහරක් එල්ල වුණි.
20 හැවිරිදි එම තරුණිය පසුගිය 9 වැනිදා සිට අසාධ්‍යව රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවූවාය.