Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී මාසික වැටුප සිරගත බුද්ධි නිලධාරීන්ගේ සුබසාධනයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ සුබසාධනය සහ නීතිමය කටයුතු වෙනුවෙන් ලබන මස සිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹක්වැල්ල මහතා පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 17 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ නඩුව දැකබලා ගැනීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මේ රටේ යුද්ධය අවසන් කිරීමට බුද්ධි අංශ විශාල කාර්යභාරයක් ඉටු කළා. එදා මිලේනියම් සිටී පාවාදීම තුළ බුද්ධි අංශ සාමාජිකයන් 97දෙනෙක් ඝාතනය වුණා. අද වනවිට මේ රණවිරුවන්ට චෝදනා ගොණුකර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වීම හාස්‍යජනකයි.

මේ අයුරින් තෝරාබේරාගෙන සිදු කරන මිනිස් දඩයම නතර කරන තෙක් අපි මේ සටන ගෙනියනවා. අද මේ රණවිරුවන්ගේ වැටුප් පවා නවත්තලා. ඔවුන්ගේ පවුල් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඒ නිසා මේ රණවිරුවන් වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීමට අපි කැපවෙනවා යැයිද පැවසීය.

Related posts

රංගෙබණ්ඩාරගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – නාමල් රාජපක්ෂ

colombotoday

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

Admin

මන්නාරමේ පිපිරීමක්

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday