Colombo Today Local News

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි හා පාර්සල් අතුරුදන් වීම් වැඩි වෙමින් පවතී. පසුගිය මාසයක පමණ කාලය ඇතුළත එවැනි අතුරුදන්වීම්වලට අදාළව පැමිණිලි රැසක් ලැබී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට එවන ලද අත්‍යාවශ්‍ය ලේඛනයක් ද මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අතුරුදන්ව ඇත. එම ලේඛනය අතුරුදන් වී මාස දෙකක පමණ කාලයක් ගත වී ඇතත් එය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබෙන බව ද ඉහත ආරංචි මාර්ග කියයි. අතුරුදන් වන ලිපි හා පාර්සල්වලට අදාළව සටහන්ව ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවට භාර ගත් ලේඛන පමණක් වන අතර ඒවා තැපැල් හුවමාරුවෙන් පිටතට ගිය බවට කිසිදු ලේඛනයක් නැතැයි ද ඒ අනුව ඒවා අතුරුදන්ව ඇත්තේ තැපැල් හුවමාරුවේ දී බවට තීරණය කළ හැකි යැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තැපැල් හුවමාරුවට ලැබුණු පාර්සලයක් සොරා ගත් එම ආයතනයේම සේවයකයෙක් මීට දෙසතියකට පමණ පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර තිබිණි. ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටී.

මෙවැනි අතුරුදන් වීම්වලට හේතුව විධිමත් ක්‍රියාවලියක් නොවීම බවත් මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු විධිමත් කිරීම අත්‍යාවශ්‍ය බවත් එහි සේවකයෝ පෙන්වා දෙති.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන බවත් ඒ අනුව අවශ්‍ය පියවර ගැනෙන බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරී එම්. අස්ලම් සඳහන් කළේය.

Related posts

නාවික හමුදා භාරයේ තිබූ ඉරනතිව් දූපත පිරිසක් බලහත්කාරයෙන් අල්ලා ගනී

colombotoday

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday