Covid 19

රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේදයක්

රෝගීන් දෙදෙනෙකුගෙන් කොවිඩ් -19 වෛරසයේ විකෘති ප්‍රභේදයක් සොයාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

රෝගීන් දෙදෙනා කොළඹ නගරය තුළින් හඳුනා ගෙන තිබේ.

මේ අනුව ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් ආරක්ෂාකාරී ලෙස කටයුතු නොකර සිටියහොත් කොවිඩ් 3වන රැල්ලක් ඇතිවීම වැළැක්වීම අපහසුවන බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කර ඇත.

“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව කොළඹ නගරයේ රෝගීන් දෙදෙනෙකුගේ රුධිර පරීක්ෂා තුළින් කොවිඩ් -19 වෛරස විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලත් අපි ඉතාමත් හොඳින් පාලනය කරලා තියෙනවා. නමුත් මහජනතාව ප්‍රවේසම් නොවුනොත් සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකර සිටියහොත්, අපිට 3වන රැල්ලක් ඇතිවීම වළක්වන්න අමාරු වෙන්න පුළුවන්.”

Related posts

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday

නව ආසාදිතයින් 354ක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 567ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday