Colombo Today Local News

හිටපු ජනපති කෲඩියා සිලනිකා බලන්න යයි | තිබෙන තැනම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව කියයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද, මේ දිනවල දැඩි ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ අතිදුර්ලභ කෲඩියා සිලනිකා ශාකය නිරීක්ෂණය කිරීම සඳහා ගොස් තිබුණා.

අනතුරුව ඒ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් ද තබා තිබෙනවා.

“නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන “පණු කරඳ” හෙවත් Crudia Zeylanica අතිදුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට සහ මෙම ශාකය අද මුහුණ පා තිබෙන තර්ජනය පිළිබඳව මා හට නිසි අවබෝධයක් ලබා ගැනීමට එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ලදී.

ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අතිදුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදී ම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි.

එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසි ලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස මා විශ්වාස නොකරමි.

මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ශාකයේ වටිනාකම සහ දුර්ලභත්වය සැලකිල්ලට ගෙන මතු අනාගත දරුවන් වෙනුවෙන් මේ මහා වෘක්ෂය ආරක්ෂා කොට අධිවේගී මාර්ගය ඉදි කරනවා නම් එය මුළු මහත් පරිසරයට ම සිදුකරන ගෞරවයක් ලෙස මා මතක් කර දීමට කැමැත්තෙමි.

මෙම ශාකය හඳුනාගත් සහ ශාකය ආරක්ෂා කිරීමට කැපවූ ගරුතර මහා සංඝරත්නයට, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන්හට පරිසරයට ආදරේ කරන නායකයෙකු ලෙස මම ගෞරව කර සිටිමි.”

Related posts

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති කොවිඩ් එන්නතක් ගෙනවිත් ලංකාවේ ජනතාව යොදා පර්යේෂණ කීරීමේ සූදානමක් !

colombotoday

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

colombotoday

පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්

colombotoday

“ඡන්දෙට කලින් අලුත් පක්ෂේ කට්ටියක් හිරේ.. එනිසා ඡන්දෙ ගැන අපට බයක් නෑ“ – නි.ඇමති අජිත්

colombotoday