Colombo Today Local News

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් සහ මහජනතාවගෙන් සමාව ගැනීමේ කොන්දේසිය මත සමාව ලබාදී තිබේ.

එම පක්ෂයේ උත්තරීතර සභාව ඊයේ (13) රැස්වු අතර එහිදී සහාය පළ කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අදාළ තීරණයට එළඹි බව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

එහිදී “අපේ මන්ත්‍රීවරුන්ගේ ඒ ක්‍රියා කලාපය උත්තරීතර සභාවේදී දැඩිලෙස විවේචනයට ලක්වුණා. ඒ මන්ත්‍රීවරු එකඟ වුණා තමන් මේ ඡන්දය දීම පිළිබඳව මහජනතාවගෙන් සමාව ගන්න. උත්තරීතර මණ්ඩලය මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා, තමන් මේ රජයට මෙතෙක් කල් යම් බලාපොරොත්තුවකින් දුන්නු සහයෝගයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව තමන්ගේ දැඩි කණගාටුවත් විරෝධයත් පළකරන්න කියලත්,” යනුවෙන් රවුෆ් හකීම් මහතා පැවසීය.

එම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් මන්ත්‍රීවරුන් පවසන්නේ කෝවිඩ් වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව පැවසූ බැවින් තමන් සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් බවය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර සභාව ඊයේ (13) සවස කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදී රැස්වී තිබුණි.

එහිදී 20වන සංශෝධනයට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසර් කාසිම්, එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් සහ අන්වර් ෂාමෙඩ් යන අය සම්බන්ධයෙන් පක්ෂය ගතයුතු විනය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක්විය.

Related posts

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday

අයවැයෙන් ගුණාත්මක බවින් ඉහළ PCR යන්ත්‍ර ගෙන්වීමට කටයුතු කරන්න – විපක්ෂ නායක

colombotoday

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin

“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපති

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday