Colombo Today Local News

ප්‍රමිතියෙන් බාලයි: වෘත්තීය සමිති කීවත් ඉන්දියාවෙන් දුම්රිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

අලූතින් දුම්රිය එන්ජින් 12 ක් සහ බලවේග කට්ටල 9 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

කෝටි 7000ක මුදලක් අධික පොලියට ඉන්දියාවෙන් ලබාගෙන දුම්රිය මාර්ග ඉදිකිරීමට හා දුම්රිය එන්ජින් කිහිපයක් ලබාගැනීමට සැලසුම් ඇති බවත්, එම ණය මුදල ලබාදීමට විශාල කොන්දේසි ප‍්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පසුගිය සමයේ රජයට චෝදනා කර තිබුණා.

මීට පෙර ගෙන්වූ ඉන්දීය දුම්රිය ප්‍රමිතියෙන් ඉතාම බාල ඒවා බවත්, ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්වලට ඒවා නොගැළපෙන බවත් ඔවුන් පෙන්වා දී තිබුණා.

Related posts

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

කසල ගොඩක තිබූ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

ඉන්දියාවට ඔළුව නවන්න බෑ කියා ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස් වෙයි!

colombotoday